11
41

Gears Of War 01

නිකුත් කල වර්ෂය-2006
3.023 Votes

Release

  • Year :2006
  • Developer:Epic Games
  • Publisher:Microsoft
  • Engine:Unreal Engine 3
  • Genre:Third Person Shooter
  • Mode:Singleplayer & Multiplayer
  • Platform:PC [ Windows ] /XBOX 360
  • Rating: 3.2 / 211 times

Gears Of War

Gears Of War 01

Release

Release 🔸Third Person Shooter Category එකේ වෙනසක් කරපු Gears Of War Series එකේ පලවෙනි ප්‍රධාන කතාංගය විදිහට තමයි මේ ගේම් එක Release වුනේ. ඇත්තටම මේ ගේම් එක ඉස්සෙල්ලම Release වුනේ XBOX වලට විතරයි. XBOX වලට Release වෙලා අවුරුද්දකට පස්සේ 2007 වර්ෂයේදී තමයි PC වලට Release වුනේ. 🔹2005 වර්ෂය වෙනකම් කිසිම කෙනෙක් දැනන් හිටියේ නෑ මේ වගේ ගේම් එකක් Release වෙන්න තියෙනවා කියලා. 2005 වර්ෂයේදී ඇමරිකාවේ පැවති GDC සමුළුවේදී තමයි ඉස්සෙල්ලාම මේ ගේම් එක ගැන කරුණු අනාවරණය වුනේ. ඒ වගේම මේ ගේම් එක XBOX වලට විතරක් Release වුනු නිසාත් Microsoft Studios එකෙන් Publish කරපු නිසාත් මේ ගේම් තිබුනු Quality එක නිසාත් ලබපු ජනප්‍රියත්වය නිසාත් ඒ දවස්වල හුඟක් අය මේ ගේම් එක හැඳින්වූයේ Mini Halo කියන නමින්. Gears Of War Series 🔹ඇත්තටම ලංකාවෙනම් මේ Series එක එච්චරම ප්‍රසිද්ධ ගේම් Series එකක් නෙමෙයි. නමුත් දැනට ලෝකයේ බිහිවුනු විශිෂ්ටතම වගේම ජනප්‍රියතම ගේම් Series වලින් එකක් තමයි මේ Gears Of War Series එක. බටහිර රටවල්වල නම් මේ ගේම් එක හුඟක් ප්‍රසිද්ධ ගේම් එකක්. ඒ වගේම Gears Of War කියන්නේ Multimedia Franchise එකක්. ඒ කියන්නේ මේ ගේම් එක ඇසුරින් නිර්මාණය කල නවකතා, චිත්‍ර කතා, වෙළෙඳ භාණ්ඩ වගේ දේවල් හුඟක් තියෙනවා. ඒ වගේම මේ ගේම් එක ඇසුරින් නිර්මාණය වන චිත්‍රපට සහ Animations Series කිහිපයක් ඉදිරියේදී නිකුත් වීමට නියමිත බව තමයි ඇමරිකානු වෙබ් අඩවි කිහිපයක්ම ඔවුන්ගේ වෙබ් පිටුවල සඳහන් කරලා තිබුනේ. 🔸ලෝකයේ තියෙන ප්‍රධානතම ගේම් Series අතරින් Playstation වලට Release වෙන්නේ නැති තවත් ප්‍රධානතම ගේම් Series එකක් තමයි Gears Of War කියන්නේ. ඇත්තටම Playstation Series එකත් එක්ක කරට කර සටනක් දෙන්න XBOX Series එකට ඍජුවම උදව් කරපු ගේම් Series එකක් තමයි මේ Gears Of War කියන්නේ. Story, Characters & Places 🔸Sera නැමැති මනංකල්පිත ග්‍රහලෝකය තමයි මේ ගේම් එකේ ප්‍රධාන ස්ථානය වුනේ. Sera හි වෙසෙන මිනිස් වර්ගයා සමූල ඝාතනය කරන්නට පැමිණි Locust නැමැති විරූපී භූගත ජීවීන්ගෙන් ඉතුරු වී තිබෙන මිනිස් වාසස්ථාන බේරා ගැනීම සඳහා Delta Squad නැමැති COG භට කණ්ඩායම විසින් සිදුකරන්නාවූ ක්‍රියාකාරකම් ඇසුරෙන් තමයි මේ ගේම් එකේ Story එක හදලා තිබුනේ. 🔸 COG යුධ සෙබලෙක් මෙන්ම Delta කණ්ඩායමේ සාමාජිකයෙක් වුනු Marcus Fenix තමයි මේ ගේම් එකේ ප්‍රධාන චරිතය වුනේ. ඒ වගේම Dominic Santiago, Augustus Cole සහ Damon Baird කියන කට්ටිය තමයි Marcus ගේ ලඟම මිතුරන් විදිහට කටයුතු කලේ. එසේම Locust හමුදාවේ අණදෙන නිලධාරියෙකු වුනු General Raam නැමැති තැනැත්තා තමයි Marcus ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වුනේ. 🔹Sera හි සිටින විද්‍යාඥ කණ්ඩායමක් විසින් Imulsion නැමැති ඉතා වටිනා බලශක්ති ප්‍රභවයක් සොයාගන්නවා. මෙම බලශක්ති ප්‍රභවය අයිති කරගැනීම සඳහා Sera හි වෙසෙන විවිධ ජාතීන් කණ්ඩායම් දෙකකට බෙදිලා යුද්ධ කරගන්නවා. Coalition Of Ordered Governments කියන කණ්ඩායම සහ Union Of Independent Republics කියන කණ්ඩායම අතර තමයි මේ යුද්ධය ඇති වෙන්නේ. අවුරුදු 79 ක් පුරාවට තිබුනු මේ යුද්ධයෙන් අවසානයේදී COG කණ්ඩායම ජයග්‍රහණය කරනවා. මේ COG කණ්ඩායමේ හමුදා සෙබලුන්ව Gears කියන නමින් තමයි හැඳින්වූයේ. කොහොම වුනත් මෙම යුද්ධ නිසා Sera කියන ග්‍රහලෝකයේ හුඟක් ප්‍රදේශ විනාශ වෙලා තමයි තිබුනේ. 🔸නමුත් මෙම යුද්ධය අවසන් වෙලා හරියටම සති හයකට පස්සේ Locust නැමැති භූගත ජීවීන් කොට්ඨාසයක් පොළොව යටින් මතුවී Sera හි සිටින මිනිස් වර්ගයා සමූල ඝාතනය කිරීමේ ප්‍රයත්නයක නිරත වෙනවා. මේ දවස පසුකාලයේදී Emergence Day හෙවත් E - Day ලෙසින් Sera හි ජනතාව අතර ප්‍රසිද්ධ වුණා. කොහොම හරි තමන්ගේ Gears සෙබලුන්ව යොදවලා COG එක Locust ලා එක්ක සටන් කරනවා. මේ සිදුවීමෙන් අවුරුදු දාහතරකට පසු Delta කණ්ඩායමේ සෙබලුන් විසින් Locust නැමැති ජීවීන්ව නැවතත් පොළොව  යටට එලවා දැමීම සඳහා සිදුක‍රන්නාවූ ක්‍රියාදාමයන් ඇසුරින් තමයි මේ ගේම් එකේ Gameplay එක හදලා තියෙන්නේ. Gameplay 🔹ඒ වගේම මේ ගේම් එකේ Squad Based Gameplay එකක් තමයි තිබුනේ. ඒ කියන්නේ තනි පුද්ගලයෙක් වටා සිදුවන ක්‍රියාන්විතයක් නෙමෙයි මේ ගේම් එකේ තියෙන්නේ. තමන්ගේ කණ්ඩායම සමඟ එකතු වෙලා තමයි Mission එක අවසන් කල යුත්තේ. මේ ගේම් එක Open World ගේම් එකක් නෙමෙයි. 🔸මේ ගේම් එකේ Story එක Offline වගේම Online ක්‍රීඩා කරන්නත් පුළුවන්. ක්‍රීඩකයින් දෙදෙනෙක්ට එකතු වෙලා Story එක Play කරන්න පුළුවන් වෙන විදිහට තමයි මේ ගේම් එක හදලා තිබුනේ. Story එක Online Play කරන ක්‍රීඩකයින්ට Marcus Fenix සහ Dominic Santiago යන සෙබලුන් දෙදෙනාගෙන් කැමති කෙනෙක්ව තෝරාගෙන Story එක Play කිරීමේ අවස්තාව මේ ගේම් එකෙන් ක්‍රීඩකයින්ට ලබා දීලා තිබුනා. ඒ වගේම තෝරාගන්නා චරිතය අනුව Gameplay එක වෙනස් වෙන විදිහට තමයි මේ ගේම් එක හදලා තිබුනේ. ... 🔹 මේ ගේම් එකේ Gameplay එක හදලා තිබුනේ Cover & Fire System එකට අනුවයි. මේ ගේම් එකේ ප්‍රතිවාදීන් සමඟ සටන් කිරීමටනම් ක්‍රීඩකයා විසින් Cover System එක අනිවාර්යයෙන්ම භාවිතා කල යුතුයි. ඒ වගේම මේ ගේම් එකේ Mission 36 ක් තිබුනා. Multiplayer Mode 🔸මේ ගේම් එකේ Multiplayer Mode එක හරහා එකවර ක්‍රීඩකයින් අට දෙනෙකුට මේ ගේම් එක Play කිරීමේ කිරීමේ අවස්තාව ලබා දීලා තිබුනා. Gears සෙබලුන් හෝ Locust සෙබලුන් තෝරාගෙන Multiplayer Mode එක හරහා ක්‍රීඩකයින්ට තරඟ කරන්න පුළුවන්. Special Facts 🔹මේ ගේම් එක නිර්මාණය කිරීම සඳහා Psyonix ආයතනයත් Epic Games ආයතනයට උදව් කලා. ඒ වගේම මේ ගේම් එකේ PC Version එක නිර්මාණය කිරීම සඳහා Epic ආයතනය විසින් People Can Fly නැමැති ආයතනයේ ඍජු උපකාරය ලබාගෙන තිබුනා. 🔸ඇත්‍තටම 2000 වර්ෂයේදී තමයි Epic ආයතනය විසින් මේ ගේම් එක නිර්මාණය කරන්න පටන්ගෙන තිබුනේ. Unreal Warfare කියන නමින් තමයි මේ ගේම් එක ඉස්සෙල්ලම හදන්න පටන් අරගෙන තිබුනේ. ඒ වගේම Epic ආයතනයේ මුල්ම අදහස වුනේ මේ ගේම් එක Multiplayer ගේම් එකක් විදිහට හදන්නයි. ඒත් පසුකාලයේදී මේ ගේම් එකට Story එකක් Add කරලා Singleplayer Mode එකකුත් හදන්න ඕනේ කියලා Epic ආයතනය තීරණය කලා. 🔹ආදර කතාවක් සහිත Horror ගේම් එකක් විදිහට මේ ගේම් එක නිර්මාණය කරන්න තමයි Developer Team එක හිතාගෙන හිටියේ. නමුත් පසුකාලයේදී ඒ අදහසත් වෙනස් කරන්න ඔවුන් තීරණය කලා. කොහොම වුනත් මේ ගේම් එක නිර්මාණය කිරීම සඳහා Resident Evil, Kill Switch,  Bionic Commando සහ Legend Of Zelda යන වීඩියෝ ක්‍රීඩා අධ්‍යයනය කරන්නත් Developer Team එකට සිදුවුණා. ඒ වගේම Metal Gear Series එක ඇසුරෙන් තමයි මේ ගේම් එකේ නම නිර්මාණය කරලා තිබුනේ. 🔸මේ ගේම් Series එකට ලැබුනු ප්‍රසිද්ධිය නිසාම 2014 වර්ෂයේ ජනවාරි මාසයේදී Microsoft Studios එක විසින් Epic ආයතනයට විශාල මුදලක් ගෙවලා මේ Gears Of War Franchise එක තමන් සතු කරගන්නවා. Lancer Rifle 🔸වීඩියෝ ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රසිද්ධතම අවියක් වුනු Chainsaw එකක් සහිත Lancer Assault Rifle එක තමයි මේ ගේම් එක ක්‍රීඩා කරපු හුඟක් ක්‍රීඩකයන්ගේ ප්‍රියතම අවිය බවට පත්වුනේ. ඇත්තටම මේ ගේම් එකේ Demo එකට මේ Gun එක ඇතුලත් කර තිබීම ගැන XBOX හි විධායක නිලධාරියෙකු වූ Peter Moore තම අකමැත්ත පලකරමින් කියා සිටියේ මේ Lancer Rifle එක ගේම් එකෙන් ඉවත් කර දැමිය යුතු බවයි. කොහොම වුනත් මේ ගේම් එකේ Demo එක බලපු Microsoft ආයතනයේ ප්‍රධානියා වුනු Bill Gates ප්‍රකාශ කලේ මේ ගේම් එකේ තිබුන දේවල් වලින් තමන් වැඩියෙන්ම කැමති වුනේ Chainsaw Gun එකට කියලයි. ඇත්තටම මේ Gun එක ගැන ලෝක ප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩා සඟරාවල විශේෂ ලිපි පවා ලියවුණා. Downloadable Contents & Other Editions 🔹මේ ගේම් එකේ පලවෙනි DLC එක හරහා අලුත් Multiplayer Maps දෙකක් මේ ගේම් එකට එකතු කරලා තිබුනා. ඒ වගේම Hidden Fronts නැමැති DLC Map Pack එකකුත් පසුකාලයේදී XBOX 360 Version එකට Release වුණා.  🔸මේ ගේම් එකේ Collector'S Edition එකට Destroyed Beauty නැමැති පොතක් ඇතුලත් කරලා තිබුනා. ගේම් එකේ Story එක ගැන වගේම ගේම් එකේ තිබුන ස්ථාන සහ චරිත ගැන විස්තර ඇතුලත් කරලා තමයි මේ පොත නිර්මාණය කරලා තිබුනේ. ඒ වගේම මේ ගේම් එකේම Remastered Edition එක Gears Of War : Ultimate Edition යන නමින් 2015 වර්ෂයේදී XBOX One වලටත් 2016 වර්ෂයේදී PC වලටත් Release වුනා. PC Version කොහොම වුනත් මේ ගේම් එකේ PC Version එකට XBOX 360 Version එකේ නොතිබුණු අලුත් Multiplayer Maps තුනක් එකතු කරලා තිබුනා. ඒ වගේම PC Version එකේ Singleplayer Story එකට අලුත් Mission පහකුත් එකතු කරලා තිබුනා. එසේම XBOX 360 Version එකේ නොතිබුණු අලුත් ගේම් Modes කිහිපයකුත් මේ PC Version එකට එකතු කරලා තිබුනා. කොහොම වුනත් පසුකාලයේදී XBOX One එක වෙනුවෙන් නිකුත් වුනු මේ ගේම් එකේම Remastered Edition එකට මේ PC Version එකේ තිබුනු අලුත් දේවල් ඔක්කොම එකතු කරලා තිබුනා. Cost & Sales 🔹ඇත්තටම මේ ගේම් එක නිර්මාණය කිරීම සඳහා Epic ආයතනයට ඇමරිකානු ඩොලර් මිලියන දහයක මුදලක් වියදම් වෙලා තිබුනා. 🔸මේ ගේම් එක Release වෙලා පලමු සති දෙක ඇතුලත මේ ගේම් එකේ XBOX Copies මිලියනයක් ලොව පුරා අලෙවි වෙලා තිබුනා. එසේම පලමු සති දහය ඇතුලත මේ ගේම් එකේ XBOX Copies මිලියන තුනකට වඩා ප්‍රමාණයක් ලොව පුරා අලෙවි වෙලා තිබුනා. ඒ වගේම Halo 02 ගේම් එක පවා පරදවලා XBOX Live එක හරහා වැඩිම දෙනෙක් Play කරපු ගේම් එක බවට පත් වෙන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. Halo 03 ගේම් එක Release වනතුරු ඒ වාර්තාව බිඳ දමන්නට වෙනත් කිසිම XBOX ගේම් එකකට හැකියාව ලැබුනේ නෑ. 🔹2009 වර්ෂය වනවිට මේ ගේම් එකේ Original Copies මිලියන හයක් ලොව පුරා අලෙවි වෙලා තිබුනා. ඒ වගේම ජපානය තුල අඩුම කාලයකින් විකිණී අවසන් වුනු XBOX ගේම් එක වගේම ජපානයේ වීඩියෝ ක්‍රීඩා Charts වල Top 10 ආපු පලමු XBOX ගේම් එක වෙන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. එසේම එක්සත් රාජධානියේ ELSPA සංවිධානය විසින් අලෙවිය වෙනුවෙන් පිරිනමන Double Platinum සම්මානයෙන් පිදුම් ලබන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. Awards 🔹Fastest Selling Video Game - 2006 🔹Second Most Played Game On The XBOX Live - 2007 🔹Fastest Selling XBOX 360 Game - 2006 🔹One Of the Most Iconic Game Trailers of the Decade 🔹Second Highest Rated Game - 2006 🔹Most Gorgeous Looking XBOX 360 Game - 2006 🔹One of the Gratest Games Ever 🔹One of the Best Selling XBOX 360 Games 🔸ඒ වගේම 2006 වර්ෂයේදී Game Of the Year සම්මාන 30 ක් දිනා ගැනීමටත් මේ ගේම් එකට හැකියාව ලැබෙනවා. මීට අමතරව Best XBOX 360 Game, Best Console Game, Best Action Game, Best XBOX 360 Action Game, Best XBOX 360 Multiplayer Game, Best Multiplayer Experience, Best Console Multiplayer, Best Animation, Best Art Direction, Best Visual Engineering, Best Online Gameplay, Ultimate Game Of the Year, Best New Character [ Marcus Fenix ], Best Voice [Augustus Cole ට හඬ කැවූ Lester Speight], Best Character Performance, Enemy Of the Year ඇතුළු අන්තර්ජාතික සම්මාන රාශියකින් පිදුම් ලබන්නත් මේ ගේම් එකට පුළුවන් වෙනවා. Guinness World Records 🔹ඒ වගේම ගිනස් ලෝක වාර්තා පොතට ඇතුල් වෙන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා.                   🔸First Console Game to Use the Unreal  03 Engine                   🔸Fastest Selling XBOX 360 Game                   🔸First Music Single to Top the Chart After Promoting a Video Game - Gears Of War Trailer එකේ Background Music එක විදිහට වසර පහක් පමණ පැරණි Gary Jules ගේ Mad World නැමැති Cover Song එක තමයි යොදාගෙන තිබුනේ. මේ ගේම් එකේ Trailer එක කොච්චර ප්‍රසිද්ධ වුනාද කියනවනම් මේ Trailer එක Release වුනාට පස්සේ මේ Song එක තමයි iTunes වල Number One Song එක බවට පත්වුනේ.

Parents Guide

    System Requirements

  • 🔸Processor Core 2 Duo 2.4 GHZ
  • 🔹Ram 1.5 GB
  • 🔹VGA Geforce 6600 512MB
  • 🔹Sound Card Direct X 9.0 C
  • 🔹OS Windows 7
  • 🔹Space 12 GB
  • Platform:XBOX 360 / PC [ Windows ]
  • Rating: 17 / 1042 times

  • Parents Guide

  • IMDb Rating - 17+ [ Blood & Violence ]- [ Strong Language ] [ Smoking ]
    • ESRB Rating - 17+
    • SL Gamehub Rating - 13+

Reviews